ඇමරිකාව සහ පිලිපීනය අතර හමුදා සහයෝගිතාව කලාපීය සාමයට හානි නොකරන්නක් විය යුතු බව චීනය අවධාරණය කරයි.
ඇමරිකා ආරක්ෂක ලේකම්වරයා නුදුරේදී පිලිපීනයේ සංචාරයක නිරතවීමට නියමිතය. දකුණු චීන මුහුදු කලාපයේ චීන මෙහෙයුම් සම්බන්ධ ප්‍රතිචාර සහ පිලිපීන හමුදාවට ලබාදෙන ඇමරිකානු සහාය එහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇතැයි වාර්තා වේ. ඒ පිළිබඳ චීනයේ ප්‍රතිචාරය ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවෙක් චීන ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතාගෙන් විමසීය.
ඇමරිකා-පිලිපීන හමුදා සහයෝගිතාව සෙසු රටවල ආරක්ෂාවට මෙන්ම කලාපීය සාමයට හා ස්ථාවරත්වයට හානි නොකරන්නක් විය යුතු බව Wu Qian මහතා පැවසීය. සිය පොරොන්දු හා හවුල්කරුවන් පාවා දීමේදී ඇමරිකාව ඉතිහාසයේදී කැපී පෙනෙන වාර්තාවක් තැබීම නොසලකා හැරීමට නොහැකි බවද ඔහු කීය.