31.7 C
Colombo
Thursday, February 26, 2026

අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට සැලසුම් කරයි. ඇමරිකාවේ නි‍ෂ්පාදනය නොකරන සියලුම මෝටර් රථ සඳහා තීරුබදු පැනවීමේ එම නියෝගයට අත්සන් තබන බව හෙතෙම ධවල මන්දිරයේ දී ඊයේ (26) ප්‍රකාශ කළේය. අප්‍රේල් 02 වැනිදා සිට එය ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 03 වැනිදා සිට බදු එකතු කිරීම ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

එම තීරුබදු පැනවීමෙන් ඇමරිකානු නිෂ්පාදන දිරිමත් කෙරෙන බවත්, රජයට නව ආදායම් උත්පාදනය වන අතර ජාතික ණය අවම කර ගැනීමට එමඟින් හැකි වන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ තීරුබදු පැනවීමෙන් මෝටර් රථ මිල ඉහළ නැංවෙන අතර දැනටමත් ඉහළ මිල ගණන්වලට මුහුණ දී සිටින පාරිභෝගිකයින්ට එය හානිකර වනු ඇති බවයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here