26.4 C
Colombo
Tuesday, August 26, 2025

දේශපාලන සංක්‍රාන්ති කාලයේදී සාමය හා ස්ථාවරත්වය යළි ස්ථාපිත කරන්නැයි චීනය සිරියාවෙන් ඉල්ලයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

දේශපාලන සංක්‍රාන්ති කාලයේදී සාමය හා ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස චීනය සිරියාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (25) සිරියා ප්‍රශ්නය පිළිබඳව පැවැත්වූ විවෘත රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා මේ බව සඳහන් කළේය.

සිරියාවේ වෙරළබඩ ප්‍රදේශයේ සිවිල් වැසියන් කිසිදු වගවිභාගයකින් තොරව ඝාතනය කිරීම් සිදු වූ බවත් මාසයක් ඇතුළත ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර වගකිවයුත්තන්ට දඬුවම් කරන්නේ යැයි සිරියානු අන්තර්වාර රජය ප්‍රකාශ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

සිරියානු අන්තර්වාර රජය එම කටයුතු විනිවිදභාවයෙන් මෙන්ම වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද Fu Cong මහතා ප්‍රකාශ කළේය. එම රජය සිය පොරොන්දුව ඒ අයුරින් ඉටු කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2254 දරන යෝජනාවේ මූලධර්මවල උපදෙස් යටතේ සිරියාවේ ඒ ඒ පාර්ශ්ව සමග පූර්ණ සංවාද හා සම්බන්ධීකරණය ක්‍රියාත්මක කිරීමට ද චීනය අපේක්ෂා  කරයි.

එක්සත් ජාතීන්ගේ සිරියානු ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිත Geir Pedersen මහතාගේ වැඩකටයුතුවලට ඒ ඒ පාර්ශ්වයන්ගේ සහාය  හිමි විය යුතු බවත් අරාබි රාජ්‍ය ලීගයට සිරියානු දේශපාලන ක්‍රියාදාමය තුළ වඩාත් වැඩි කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් Fu Cong මහතා පෙන්වා දුන්නේය. ඊශ්‍රායලය සිරියාවට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාර චීනය දැඩිව හෙළා දකින අතර ඊශ්‍රායලය කඩිනමින් සිරියානු භූමියෙන් ඉවත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here