“මකරා සහ අලියාගේ අන්තර නැටුම” සාක්ෂාත් කර ගැනීම, චීනය සහ ඉන්දියාවට ඇති එකම නිවැරදි තේරීම බව චීනය ප්‍රකාශ කරයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද (17) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. එහිදී චීන – ඉන්දියා සබඳතා පිළිබඳව මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නවලට ඇය පිළිතුරු දුන්නාය.
විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙක වශයෙන් චීනය සහ ඉන්දියාවට දැනට පවතින පොදු මෙහෙවර වන්නේ තම රටේ සංවර්ධනයට සහ පුනර්ජීවනය ඉටු කිරීමෙහි නියැළී සිටීම බවත්, එහිදී අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගය අතිශයෙන් වැදගත් වන බවත් ඇය පෙන්වා දුන්නාය. මෙය දෙරටේ බිලියන 2.8 කට අධික ජනතාවගේ මූලික අවශ්‍යතා හා කලාපයේ රටවල පොදු අපේක්ෂාවන්ට අනුකූල වේ. එමෙන්ම එය ගෝලීය දකුණේ කැපී පෙනෙන වර්ධන ප්‍රවණතාවට ගැලපෙන අතර ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා ද හිතකර වේ. අන්‍යෝන්‍ය ජයග්‍රහණවල හවුල්කරුවන් වීමට සහ “මකරා සහ අලියාගේ අන්තර් නැටුම” සාක්ෂාත් කර ගැනීම, චීනය සහ ඉන්දියාව සඳහා ඇති එකම නිවැරදි තේරීම බවද මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.