26.9 C
Colombo
Monday, August 25, 2025

යුද මෙහෙයුම “තායිවාන බෙදුම්වාදීන්ට ” අනතුරු ඇඟවීමක්–චීන විදේශ අමාත්‍යංශය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය සිදු කළ යුද මෙහෙයුම “තායිවාන බෙදුම්වාදීන්ට ” දැඩි අනතුරු ඇඟවීමක් වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(17) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.චීන යුද හමුදාව අද තායිවාන සමුද්‍ර සන්ධි ආශ්‍රිත ප්‍රදේශයේ යුද අභ්‍යාසයක් ක්‍රියාත්මක කර ඇත.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙම ස්ථාවරය පැහැදිලි කළාය.

මෑතකදී ඇමරිකාව තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන්  වැරදි ක්‍රියාවන් කිහිපයක් සිදු කර ඇත. විශේෂයෙන්ම එකම චීනය පිළිබඳ මූලධර්මය , “තායිවාන බෙදුම්වාදීන්ට”අනුබල නොදීම යන වැදගත් ප්‍රකාශ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.එය තායිවාන ප්‍රශ්නය ප්‍රයෝජනයට ගනිමින් චීනයට බාධා කිරීමට ඇමරිකාව දරන ප්‍රයත්නයන්හී ප්‍රබල සාක්ෂයකි. චීනය සිදු කළ අදාළ යුද මෙහෙයුම සිය ජාතික ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩාතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය වන, නීත්‍යනුකූල මෙන්ම යුක්ති සහගත ක්‍රියාවකි. එය ‘තායිවාන බෙදුම්වාදීන්’ට  නිකුත් කරන දැඩි අනතුරු ඇඟවීමක් බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා  Mao Ning මහත්මිය සඳහන් කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here