26.9 C
Colombo
Monday, August 25, 2025

2025 වසරේ ගෙවුණු මාස දෙක තුළ චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඉකුත් මාස දෙකෙහි චීන ආර්ථිකය ස්ථාවර අන්දමින් වර්ධනය වෙයි. අද (17) චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් චීන රාජ්‍ය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු ප්‍රකාශක ෆු ලිං හුවෙයි මහතා ඉකුත් මාස දෙකෙහි චීන ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු පැහැදිළි කළේ ය.

2024 වසරේ මුල් මාස දෙක හා සසඳන විට , එම කාල සීමාවේ චීන යුවාන් මිලියන 20කට අධික වාර්ෂික ආදායම්ලාභී කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය 5.9%කින් ද , රටේ සේවා කර්මාන්ත නිෂ්පාදන දර්ශකය 5.6%කින් ද,  වර්ධනය වී තිබේ. එසේ ම චීන වෙළඳපොල අලෙවිය ද වැඩි වී ඇත. ඉකුත් මාස දෙකෙහි චීන පාරිභෝගික භාණ්ඩයන්හි සමස්ත සිල්ලර අලෙවිය 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂ ව 4%කින් වර්ධනය වූ අතර එය 2024 වසරේ සමස්ත අගයට සාපේක්ෂ ව 0.5%කින් වැඩි වූ බව ෆු ලිං හුවෙයි මහතා කියා සිටී. රජයේ විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් චීන ආර්ථික ක්‍රියාකාරීත්වය නැවුම් මුහුණුවරකින් හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව යහපත් අන්දමින් ඉහළ යමින් පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here