26.9 C
Colombo
Monday, August 25, 2025

පැනමා ඇළ අන්සතු නොකරන බව පැනමාව පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පැනමා ඇළ සම්බන්ධ තම ස්වෛරීභාවය ස්ථිරවම ආරක්ෂා කරන බව පැනමාව පවසයි. පැනමා විදේශ අමාත්‍ය Javier Martínez-Acha මහතා ඊයේ (13) මේ බව සඳහන් කළේය.

ඇමරිකානු මාධ්‍ය වාර්තාවකට අනුව, පැනමා ඇළ “නැවත අත්පත් කර ගැනීමේ” ඉලක්කය සපුරා ගැනීම සඳහා පැනමාවේ ඇමරිකානු හමුදා පැවැත්ම වැඩි කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙසට ධවල මන්දිරය ඇමරිකානු හමුදාවට උපදෙස් දී ඇති බව ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු විසින් හෙළිකර ති‍බේ.

ඊට ප්‍රතිචාර වශයෙන්, Javier Martínez-Acha මහතා අවධාරණය කළේ, පැනමා ජනතාව ඒ පිළිබඳ කලබල නොවිය යුතු බවත් පැනමා ඇළ තවමත් පැනමාවට අයත් බවත් එය සැමවිටම එලෙසම පවතිනු බවත්ය. ඊට කිසිදු තර්ජනයක්  දැනට නොමැති බව ද හෙතෙම පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here