26.9 C
Colombo
Monday, August 25, 2025

ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් නැතැයි ඉරානය කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව ඉරානය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවට ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සිදු කළ ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කරයි.

ඇමරිකානු පාර්ශ්වය සඳහන් කළේ ඔවුන් සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බවයි. සාකච්ඡාවෙන් සාමය සාක්ෂාත් කර ගත හැකි වුව ද ඉරානය සාකච්ඡා මාර්ගයට ආපසු පැමිණීමට අකමැති බව ඇමරිකාව සඳහන් කර තිබේ. එය චෝදනාවට ලක් කරමින් ඉරාන උත්තරීතර නායක Ali Hosseini Khamenei මහතා පැවසුවේ  ඇමරිකාවේ එවැනි ප්‍රකාශ ලෝකය රැවටීමක් බවයි. හෙතෙම මේ බව පැවසුවේ ඊයේ(12) ක්‍රියාකාරකමකට එක්වූ අවස්ථාවේ දීය.

ඉරානය සාකච්ඡා මේසයට පැමිණියේ වසර ගණනාවකට පෙරය. එහෙත්, එක් පුද්ගලයෙකු(ඩොනල්ඩ් ට්‍ර්ම්ප්) විසින්  අත්සන් කළ ගිවිසුම් ඉරා දමනු ලැබීය. මේ හේතුවෙන් ඉරානය සාකච්ඡා සඳහා එක් වීමට කැමැත්තක් නොදක්වන බව ද හෙතෙම පැවසීය.

එසේ ම, ඇමරිකාව තම රටට එරෙහිව එල්ල කරන ‘ දැඩි පීඩනය’ට ඉරාන ජනාධිපති Masoud Pezeshkian මහතා ප්‍රබල ලෙස චෝදනා කළේ යැයි එරට Press TV රූපවාහිනි සේවය පසුගිය 11 වැනි දා වාර්තා කළේය. ‘තර්ජනයට යටත් වී ඉරානය ඇමරිකාව සමග සාකච්ඡා නොකරන’ බව ද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here