14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සමාප්ති රැස්වීමේදී තීරණ කෙටුම්පත් රැසක් සම්මත කෙරේ.
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සමාප්ති රැස්වීම අද (11) බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. එහිදී චීන රාජ්‍ය කාරක වාර්තාව සහ චීන මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය සාධන වාර්තාව පිළිබඳ තීරණ කෙටුම්පත් ඡන්ද විමසීමෙන් සම්මත කෙරිණ. එසේ ම චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ සහ ප්‍රාදේශීය මහජන කොංග්‍රසන්හි මහජන නියෝජිතයන් පිළිබඳ නීති සංශෝධන කෙටුම්පත එම රැස්වීමේදී ද සම්මත කෙරිණ.