26.8 C
Colombo
Tuesday, August 26, 2025

බෙයිජිං ප්‍රකාශනයේ පොරොන්දුව ඉටු කිරීම සඳහා කාලය පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා, බෙයිජිං ප්‍රකාශනයේ පොරොන්දුව ක්‍රියාවෙන් පෙන්වීම‍ට, ලොව රටවලට කාලය එළඹ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Antonio Guterres මහතා පවසයි.

Commission on the Status of Women (CSW) නමින් ලොව කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ස්ථාපිත කළ කොමිසම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහලේකම්වරයා මේ බව පැවසීය.

මීට දශක තුනකට පෙර චීනයේ පැවති ලෝක කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේ දී සම්මත කර ගත් බෙයිජිං ප්‍රකාශනයේ 30 වන සංවත්සරය සනිටුහන් කෙරෙන මේ අවස්ථාවේ දී කාන්තා අයිතිවාසිකම් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

ප්‍රචණ්ඩත්වය, වෙනස් කොට සැලකීම, ආර්ථික අසමානතාව වැනි අංශ ඔස්සේ වසර ගණනාවක් පුරා කාන්තාවන්ට පවතින ගැටළුකාරී බව තවමත් ලොව වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත්, එහිදී ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය තවමත් සියයට 20ක පමණ මට්ටමක පැවතීම දක්නට ලැබෙන්නක් බවත් Antonio Guterres මහතා පවසයි.

එමෙන්ම ලොව කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු හෝ ප්‍රචණ්ඩත්වයට ගොදුරුව ඇති බව ද හෙතෙම මෙහිදී පැවසීය.

තවද, කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණික වේදිකා ඔස්සේ ද කාන්තා ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනය සඳහා මාර්ගගත ක්‍රම භාවිතයෙන් නව ඉඩ සැලසීම් සිදුව ඇති බවත්, ඒ හරහා ස්ත්‍රීන්ට එරෙහි වීම් සහ පළිගැනීමේ ක්‍රියා සාමාන්‍යකරණය කිරීම සඳහා විවිධ කොන්දේසි නිර්මාණය කෙරෙමින් තිබෙන බවත් Guterres මහතාගේ අදහසයි.

ලොව කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා වන සමානාත්මතාවය මානව අයිතියක් මෙන්ම යුක්තිය හා සාධාරණත්වය සම්බන්ධ කරුණක් වන බැවින් එය ලොව තිරසර සංවර්ධනය සහ කල් පවත්නා සාමය සඳහා පදනම බව මහලේකම්වරයා අවධාරණය කර ඇත.

එබැවින් කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය මර්දනය කිරීමටත්, ඔවුන්ට ද තාක්ෂණය, නායකත්වය, දිරිගැන්වීම සහ නිසි අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ආයෝජන සිදු කිරීමටත්, දේශපාලනයේ සිට සාමය දක්වා වූ ගමනේ දී කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වය සහතික කිරීමට කැපවන ලෙසත් Antonio Guterres මහතා මෙහිදී ලොව සියලු රටවලින් ඉල්ලා තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here