26.8 C
Colombo
Tuesday, August 26, 2025

මානුෂීය ආධාර ගාසා තීරයට ප්‍රවේශවීමට අවසර දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තම වගකීම් ඉටු කරන ලෙසත්හැකි ඉක්මනින් ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමට පහසුකම් සපයන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stéphane Dujarric මහතා  සියළු පාර්ශ්වයන් ගෙන් ඉල්ලීමක් කරයි. ඊයේ(10) ගාසා තීරයේ මානුෂීය තත්ත්වය පිළිබඳව චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

මේ වන විට, ඊශ්‍රායලය ගාසා තීරයේ විදුලි සැපයුම අත්හිටුවා ඇති අතරඅඛණ්ඩව දින නවයක් පුරා ගාසා තීරයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් සැපයුම් රථ ඇතුළු වී නොමැත.වෙනත් වාර්තාවට අනුව, මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය ඒජන්සියේ ක්‍රියාකාරකම් තහනම් කෙරෙන ඊශ්‍රායල නීතිය ක්‍රියාත්මක වූ දා සිට, එම ආයතනය බරපතල මෙහෙයුම් අභියෝගයන්‍ට මුහුණ දී ඇති බව එම ආයතනයේ කොමසාරිස් ජනරාල් Philippe Lazzarini මහතා ඊයේ ජිනීවාහි දී  මාධ්‍ය අමතමින් පැවසීය. කෙසේ වුවද තම ආයතනය ගාසා තීරයේ හැකිතාක්  තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here