ලබන සතියේ සෞදි අරාබියාවේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් යුක්රේන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ඇමරිකාවේ මැද පෙරදිග කටයුතු පිළිබඳ නියෝජිත Steve Witkoff මහතා ඊයේ(06) පැවසීය. මෙම සාකච්ඡාවේදී රුසියා-යුක්රේන සාම ගිවිසුමේ රාමුව කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති අතර රුසියාව සහ යුක්රේනය අතර මූලික සටන් විරාමයකට එළඹීමද අවධානයට ලක් කෙරේ.
එදින ධවල මන්දිරයේදී වාර්තාකරුවන් අමතමින් Witkoff මහතා පැවසුවේ ඇමරිකා-යුක්රේන සාකච්ඡා යහපත් ප්‍රතිඵල ලබා ගනු දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. ගැටුම අවසන් කිරීම සහ සාමය ළඟා කර ගැනීම අරමුණු කරගත් සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේදී රුසියාව ද ක්‍රියාශීලී ආකල්පයක් පෙන්නුම් කර ඇති අතර එය ධනාත්මක සංඥාවක් බව ද ඔහු සඳහන් කර ඇත.
එමෙන් ම, ඇමරිකා-යුක්රේන සාකච්ඡාව පිළිබඳ තමන් සහ යුක්රේන පාර්ශ්වය දුරකථනය ඔස්සේ ඵලදායි සංනිවේදනයක් පැවැත්වූ බව පසුගියදා(05) ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාතිකාරක්ෂක උපදේශක Michael Waltz මහතා පැවසුවේ ය. ඔහු මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව කියා සිටියේ ය. අනාගතයේදී ඇමරිකාව යුක්රේනය සහ රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යනු ඇති බවත්, රුසියාව සහ යුක්රේනය යන දෙරටම සාම සාකච්ඡා ක්‍රියාවලියට සහභාගී වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.