28.9 C
Colombo
Friday, October 30, 2026

චීන ඇමරිකා සබඳතාව තුළ අන්‍යෝන්‍ය වශයෙන් ගරුකිරීම දෙරටේ සබඳතාවන්ට වැදගත් පදනමක් බව චීන විදේශ ඇමති කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයට සමගාමීව අද (7) පැවති චීන රාජ්‍යතන්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට චීන විදේශ ඇමති වං යී මහතා එක් වේ. චීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති හා විදේශ සබඳතා පිළිබඳව වං යී මහතා එහිදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට උත්තර දුන්නේය.

චීන ඇමරිකා සබඳතාව සම්බන්ධයෙන් වං යී මහතා පැවසුවේ අන්‍යෝන්‍ය වශයෙන් ගරුකිරීම, දෙරටේ සබඳතාවට වැදගත් පදනමක් බවයි. ගෙවුණු වසර කිහිපය තුළ තීරු බදු යුද්ධ හා වෙළඳ යුද්ධ ඔස්සේ ලබා ගෙන ඇත්තේ කුමක් ද යන්න ඇමරිකාව සමාලෝචනය කළ යුතු බව හෙතෙම කීය. එවන් තීරු බදු යුද්ධ හා වෙළඳ යුද්ධ මගින් ඇමරිකාව සිය වෙළඳ අතිරික්තය, නිෂ්පාදන කර්මාන්ත තරඟකාරීත්වය, උද්ධමනය හා ජන ජීවිතය ඇතුළු ක්ෂේත්‍රවල ධනාත්මක වෙනස්කමකම් තිබේ දැයි යන්න ඇමරිකාවට සාරාංශ කළ යුතු බව වං යී මහතා එහිදී අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here