27.6 C
Colombo
Monday, August 25, 2025

චීන අගමැතිවරයා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසියේ කණ්ඩායම් සාකච්ඡාවලට එක් වෙති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන අගමැතිවරයා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසියේ කණ්ඩායම් සාකච්ඡාවලට එක් වෙති.ඊයේ (5) සවස චීන අගමැති ලි ච්‍යං මහතා 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසියේ යුන් නැන් පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් විය. එහිදී හෙතෙම එම කණ්ඩායමේ නියෝජිතයන් සමග රාජ්‍ය කාරක වාර්තාව සාකච්ඡාවට ලක් කරමින් අදහස් හුවමාරු කර ගත්තේ ය. ගෙවුණු වසරේ යුන් නැන් පළාතේ නිලධාරීන් හා ජනතාව ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ උපදෙස් සහ මධ්‍යම රජයේ තීරණ හා සැලසුම් අනුව කටයුතු කිරීමෙන් ලද නව ජයග්‍රහණ ලි ච්‍යං අගමැතිවරයාගේ ඇගයීමට ලක් විය. සංස්කෘතිය , සංචාරක ව්‍යාපාර , වෛද්‍ය හා සෞඛ්‍ය ‍සේවා ‍, විවේක හා ශරීර සුවතා සංවර්ධනය, දර්ශන නැරඹීම සඳහා වන කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සම්බන්ධීකරණ සංවර්ධනය යුන් නැන් පළාත ඉදිරියට ගෙන යා යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය. පරිභෝජනය අඛණ්ඩව පුළුල් කිරීම, හරිත කෘෂිකර්මාන්තය වර්ධනය කිරීම සහ නව ආර්ථික වර්ධන ක්ෂේත්‍ර ඇති කිරීම අරමුණු කරගත යුතු බව ද චීන අගමැතිවරයා අවධාරණය කළේ ය.මේ අතර , චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති චාඕ ල ජී මහතා ස්චුවාන් පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් විය. ස්චුවාන් පළාත ලබාගත් ආර්ථික හා සමාජීය සංවර්ධන ජයග්‍රහණ අගය කරමින් හෙතෙම කියා සිටි‍යේ දේශීය අවශ්‍යතා හඳුනා ගනිමින් සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රයන්හි ස්චුවාන් පළාත පෙරටුගාමී මෙහෙවරක් ඉටු කළ යුතු බවයි. එසේ ම ස්චුවාන් පළාතට ආවේණික නවීන කාර්මික පද්ධතියක් ගොඩ නැගීම වෙනුවෙන් විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය මගින් නව ගුණාත්මක ඵලදායීතාව ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම පෙන්වා දී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here