27.6 C
Colombo
Monday, August 25, 2025

චීනයෙන් ආනයනය කෙරෙන නිෂ්පාදිතයන්ට ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව චීනයෙන් ආනයනය කෙරෙන නිෂ්පාදිතයන්‍ට අතිරේක තීරු බදු පැනවීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කරයි. Fentanyl යන බලගතු වේදනා නාශකය ඇතුළු කරුණු රැසක් හේතුවෙන් චීනයෙන් ආනයනය කෙරෙන නිෂ්පාදිතයන්ට තවත් 10% ක අතිරේක තීරු බද්දක් අද (4) සිට අය කෙරෙන බව ඇමරිකාව ඊයේ (3) ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. චීනය මත්ද්‍රව්‍ය මර්දනය දැඩි ලෙස සිදු කරන රටකි. මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව පුළුල් සහයෝගිතාවක් පවත්වමින් මේ වන විට කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. එහෙත් මෙම සත්‍යය මඟ හැර මත්ද්‍රව්‍ය පාලනය හේතු ‍කොට ගෙන චීනයෙන් ආනයනය කෙරෙන නිෂ්පාදිත කෙරෙහි තවත් තීරු බද්දක් පැනවීමට ඇමරිකාව කටයුතු කර තිබේ. මෙම ක්‍රියාව ලෝක වෙළඳ සංවිධාන රෙගුලාසි උල්ලංඝනය කිරීමක් වන අතර බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමයට ද හානි කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඇමරිකාවේ මෙවන් ක්‍රියා කලාපය තමන්ගේ ගැටළු නිරාකරණයට ඉවහල් නොවන අතර චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාවට ද බාධා එල්ල කරන බව ද චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here