27.9 C
Colombo
Monday, August 25, 2025

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය හෙට ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය හෙට (05) ආරම්භ වේ. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (4) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්වීය.

සැසිවාරයේ න්‍යාය පත්‍රය සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරමින් එම සැසියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Lou Qinjian මහතා දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය හෙට (05) පෙරවරු 9ට ආරම්භ වී මාර්තු මස 11වැනිදා පස්වරුවේ අවසන් වන බව Lou Qinjian මහතා එහිදී සඳහන් කළේය. ඒ අනුව සැසිවාරය දින 7 ක් පවතින අතර පූර්ණ සැසි 3 ක් සංවිධාන කර ඇත.

රාජ්‍ය කාර්ය වාර්තාව සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීම ඇතුළු ප්‍රධාන කාර්යයන් හතක් සැසිවාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත් ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here