27.6 C
Colombo
Monday, August 25, 2025

2025 චීන ජාතික සැසිවාර දෙකෙහි ප්‍රවෘත්ති මධ්‍යස්ථානය විවෘත කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ තුන්වැනි සැසිවාරය පිළිවෙලින් මාර්තු 5 වැනිදා සහ මාර්තු 4 වැනිදා බෙයිජිං නගරයේ දී ආරම්භ වනු ඇත. එම සැසිවාර දෙකෙහි මාධ්‍ය කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රවෘත්ති මධ්‍යස්ථානය අද(27) බෙයිජිං නගරයේදී නිල වශයෙන් විවෘත කෙරිණ.

මේ වනවිට සැසිවාර දෙකෙහි මාධ්‍ය ආවරණය සඳහා චීන සහ විදේශීය වාර්තාකරුවන් 3000 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇත. දේශීය වාර්තාකරුවන් 2000 කට වැඩි පිරිසක් දචීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේමැකාවෝ විශේෂ පරිපාලන කලාපයේචීන තායිවාන ප්‍රදේශයේ හා විදේශීය වාර්තාකරුවෝ 1000 කට වැඩි පිරිසක් ද ඒ අතර සිටිති. පසුගිය වසරට සාපේක්ෂව ලියාපදිංචි වූ වාර්තාකරුවන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් ද දක්නට ඇත. සැසිවාර දෙක පැවැත්වෙන කාලය තුළදී අදාළ වාර්තාකරණ කටයුතු සඳහා වන පහසුකම් එම මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here