28 C
Colombo
Monday, August 25, 2025

චීනයේ තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම වහාම නතර කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(26) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. පසුගිය දා ඇමරිකානු ඩොලර් බිලියන 5.3ක ආධාර මුදල් ඩොනල්ඩ් ට්‍රම්ප් රජය නිදහස් කර ඇති අතර චීන තායිවාන ප්‍රදේශයට ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 870 ක යුද ආධාර ද ඊට ඇතුළත් ය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.  ඇමරිකාව චීන තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම, එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කරන දැඩි මැදිහත්වීමක් වන අතර චීනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂක ජයග්‍රහණයට ද බරපතල හානි කිරීමක් බව Lin Jian මහතා අවධාරණය කළේය. “තායිවාන බෙදුම්වාදීන්ට”වැරදි සංඥාවක් නිකුත් කිරීමේ එවැනි ක්‍රියාවන්ට චීනය සැමවිටම  ස්ථිර ලෙස විරෝධය පළ කරයි. එබැවින් තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම නතර කරන ලෙසත් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපසේ සාමය හා ස්ථාවරත්වය විනාශ නොකරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳව සමීපව අවධානය යොමු කරමින් චීනය සිය රටේ ස්වාධිපත්‍යය ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරනු ඇතැයිද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here