29.5 C
Colombo
Wednesday, February 25, 2026

ඇමරිකාව ජාත්‍යන්තර සංවිධානවලින් ඉවත් වීම තවදුරටත් ප්‍රවෘත්තියක් නොවන බව චීනය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“තවදුරටත් ඇමරිකාවේ අවශ්‍යතා සඳහා නොවන” ජාත්‍යන්තර සංවිධාන 66 කින් ඇමරිකාව ඉවත් වීමට අදාළ ජනාධිපති නියෝගයකට Donald Trump අත්සන් තබයි. ඇමරිකා ධවල මන්දිරය මේ පිළිබඳ නිවේදනයක් ඊ‌යේ(7) නිකුත් කළේය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, ඇමරිකාව ජාත්‍යන්තර සංවිධානවලින් ඉවත් වීම තවදුරටත් ප්‍රවෘත්තියක් නොවන බවයි. ජාත්‍යන්තර සංවිධාන සහ බහුපාර්ශ්වික ආයතනවල වැදගත්කම වන්නේ, ඒවා කිසිදු රටක පෞද්ගලික අවශ්‍යතා නියෝජනය නොකරන අතර, ඒ වෙනුවට ඔවුන්ගේ සාමාජිකයින්ගේ පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා වන බව, චීන ප්‍රකාශිකාව එහිදී සඳහන් කළා ය.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කරන අතර, ජාත්‍යන්තර කටයුතුවලදී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමේදී චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය වනු ඇතැයි ද Mao Ning මහත්මිය පැවසුවා ය. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ, වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here