24.5 C
Colombo
Wednesday, February 25, 2026

Shenzhou-20 ‍අභ්‍යවකාශ මෙහෙයුමට එක්වූ ගගනගාමීන් ඇගයීමට ලක් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ අභ්‍යවකාශ වැඩසටහන සඳහා දක්වන ලද දායකත්වය අගය කරමින් Shenzhou-20 මෙහෙයුම සඳහා එක් වූ ගගනගාමීන් තිදෙනා ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත පදක්කම් පිරිනැමීම අද (21) දින සිදු විය.

එහිදී Chen Dong ගගනගාමියා වෙත පළමු පන්තියේ අභ්‍යවකාශ ජයග්‍රහණ පදක්කමක් පිරිනමන ලද අතර, Chen Zhongrui  සහ Wang Jie ගගනගාමීන් වෙත තෙවන පන්තියේ අභ්‍යවකාශ ජයග්‍රහණ පදක්කමක් සමගින් “වීර ගගනගාමියා” යන ගෞරව නාමය ද පිරිනමන ලදී.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, රාජ්‍ය මණ්ඩලය සහ මධ්‍යම හමුදා කොමිසම එක්ව ගත් තීරණයකට අනුව මෙම සම්මාන පිරිනැමීම සිදු කර තිබේ.

මෙම ගගනගාමීන් තිදෙනාද රැගත් Shenzhou-20 අභ්‍යවකාශ යානය 2025 වසරේ අප්‍රේල් මස 24 වනදා සාර්ථකව ගුවන්ගත කෙරුණු අතර, එහිදී ඔවුහු චීන අභ්‍යවාකශ මධ්‍යස්ථාස්ථානයට අයත් Tianhe කේන්ද්‍ර මොඩියුලයට ඇතුළු වීමට සමත් වූහ.

මාස 06කට වැඩි කාලයක් එහි රැඳී සිටි මෙම කණ්ඩායමට, මොඩියුලයෙන් බැහැරට ගොස් මෙහෙයුම් 04ක් සම්පූර්ණ කිරීමටත්, අදාළ විද්‍යාත්මක හා සෙසු කාර්යන් සාර්ථකව අවසන් කිරීමටත් හැකි විය. එලෙස සිය මෙහෙයුම් අවසන් කළ මෙම ගගනගාමීන් තිදෙනා යළි ආරක්ෂිතව පෘථිවිය වෙත පැමිණියේ පසුගිය නොවැම්බර් මස 14 වනදාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here