28.7 C
Colombo
Monday, October 6, 2025

SCO ටියැන්ජින් සමුළුව ඵලදායී ප්‍රතිඵල රැසක් අත්කර දී ඇති බව චීන විදේශ ඇමති කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ ටියැන්ජින් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) 2025 සමුළුවේ දී අත්කර ගත් ප්‍රතිඵල මාලාවක් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පැහැදිළි කරයි.

2001 වසරේ දී ෂැංහයි සහයෝගිතා සංවිධානය පිහිටුවීමෙන් පසු මෙතෙක් පැවති විශාලතම SCO සමුළුව, 2025 වසරේ මෙවර පැවති සමුළුව බව හෙතෙම එහිදී පෙන්වා දී ඇත.

මෙම අවස්ථාවට ලොව රටවල් 20කට වැඩි සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන 10 ක ප්‍රධානීන්ගේ සහභාගිත්වයක් දක්නට විය.

2026 වසරේ සිට 2035 වසර දක්වා SCO සඳහා වන සංවර්ධන උපාය මාර්ගයක් මෙවර සමුළුවේදී අනුමත කළ බවත්, එය ඉදිරි දශකය තුළ සංවිධානයේ වර්ධනය සඳහා අවශ්‍ය හඬ සහ දිශානතිය සකසන බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන Wang Yi මහතා පැවසීය.

සමුළුවට අදාළව ප්‍රකාශයක් නිකුත් කරමින් SCO මහලේකම් Nurlan Yermekbayev මහතා සමඟ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

ආරක්ෂක තර්ජන සහ අභියෝගවලට මුහුණ දීම, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම, තොරතුරු පිළිබඳ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගීතාව ශක්තිමත් කිරීම යන කාර්යයන් ඇතුළත් නව SCO මධ්‍යස්ථාන හතරක් ආරම්භ කිරීමට ද මෙම සමුළුවේ දී පියවර ගත් බව චීන විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය.

එමෙන්ම සාමාජික රටවල මූලිකත්වයෙන් SCO සංවර්ධන බැංකුවක් පිහිටුවීමට ද තීරණය කළ අතර, එය SCO රටවල් අතර යටිතල පහසුකම් සංවර්ධනය සහ ආර්ථික හා සමාජීය ප්‍රගතිය බෙහෙවින් ඉහළ නංවනු ඇතැයි Wang Yi මහතා පෙන්වා දුන්නේය.

තවද, බලශක්ති, හරිත කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, විද්‍යත්මක හා තාක්ෂණික නවෝත්පාදන, උසස් අධ්‍යපනය සහ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යපනය පිළිබඳ නව සහයෝගිතා වේදිකා සහ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද චීනය මෙම සමුළුවේ දී පොරොන්දු විය.

එම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුම් ද සකස් කරන ලද බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම නිරීක්ෂක රාජ්‍යන් සහ සංවාද හවුල්කරුවන් SCO හවුල්කරුවන් බවට ඒකාබද්ධ කිරීම සහ SCO, ජාතීන් 27 ක පවුලක් බවට පත් කිරීම සඳහා ලාඕසය හවුල්කරුවෙකු ලෙස පිළිගැනීම ද මෙහිදී සිදු විය.‍

එලෙස SCO සංවිධානයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද සුවිශේෂී තීරණ රැසක් ගනිමින් සාර්ථක ඉදිරි ගමනක් වෙනුවෙන් මංපෙත් සැකසීමට මෙවර සමුළුවේ දී හැකියාව ලැබුණු බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here