25 C
Colombo
Sunday, October 5, 2025

BeiDou මාර්ගෝපදේශන පද්ධතියේ ගෝලීය යෙදුම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ලොව පුරා ජනතාවට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් BeiDou මාර්ගෝපදේශන චන්ද්‍රිකා පද්ධතියේ (BDS) ගෝලීය යෙදුම් මට්ටම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව චීන උප අගමැති Ding Xuexiang මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ද වන Ding Xuexiang මහතා, ඊයේ (24) මධ්‍යම චීනයේ Hunan පළාතේ Zhuzhou හි පැවති BeiDou මාර්ගෝපදේශන චන්ද්‍රිකා පද්ධතියේ යෙදුම් පිළිබඳ සිව්වන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවයේ දී මේ බව සඳහන් කළේය.

වසර 31ක සංවර්ධනයකින් පසු 2020 වසරේ දී BDS-3 ක්‍රියාත්මක කිරීමත් සමඟ චීනයේ BDS ගෝලීය යෙදුම නව අවධියකට පිවිස ඇති බව ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

එහිදී සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කළ සේවා කාර්ය සාධනය සහ සැලකිය යුතු ලෙස පුළුල් කළ යෙදුම් සමඟ, එය ලොව පුරා පරිශීලකයින්ට අත්‍යවශ්‍ය නව යටිතල පහසුකමක් බවට පත්ව තිබේ.

ආර්ථික හා සාමාජීය සංවර්ධනයේ අවශ්‍යතා මෙන්ම වඩාත් යහපත් ජීවිතයක් සඳහා වන ජනතා අභිලාෂය නිසි ලෙස සපුරාලීම වෙනුවෙන් අනාගතයේදී, වඩා වැඩි සේවාවන් සමඟින් වඩාත් දියුණු තාක්ෂණයන් ඇතුළත් BDS සංවර්ධනය සඳහා චීනය උත්සාහ ගන්නා බව Ding Xuexiang මහතා පැවසීය.

එම ක්‍රියාවලිය තුළ BDS ගෝලීය යෙදුම් මට්ටම අඛණ්ඩව ඉහළ නැංවීම සඳහා, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව තීව්‍ර කිරීම, සහයෝගී යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම, පුළුල් අධ්‍යයන හුවමාරු ප්‍රවර්ධනය සහ චන්ද්‍රිකා මාර්ගෝපදේශන කුසලතා ඒකාබද්ධව පෝෂණය කිරීම යනාදිය ඔහු යෝජනා කළේය.

එමෙන්ම BDS සේවාවන් විදේශයන් හි ක්‍රියාත්මක කිරීමට අදාළ පහසුකම් සැලසීම සඳහා BDS යෙදුම් සහයෝගිතා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට මෙන්ම ආපදා වැළැක්වීම හා අවම කිරීම, නිරවද්‍ය කෘෂිකර්මාන්තය සහ මහජන ආරක්ෂාව වැනි ක්ෂේත්‍රයන් හි ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට ද උත්සාහ කරන ලෙස උප අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here