නාසා ආයතනය ගගනගාමීන් සහිත Artemis II චන්ද්‍ර ගවේෂණ යානය නිකුත් කරයි. ඇමරිකාවේ ෆ්ලොරිඩාහී සිට නිකුත් කෙරුණු ගගනාගමීන් සිව්දෙනෙකු රැගත් එම යානය වසර 50කට අධික කාලයකට පසු චන්ද්‍රයා වටා ගමන් කරන මිනිසුන් සහිත යානය බවට පත්වනු ඇත.
Artemis වැඩසටහන යටතේ නාසා ආයතනය ගගනගාමීන් සහිත අභ්‍යාවකාශ මෙහෙවරක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි. ඇමරිකානු ගගනගාමීන් වන Reid Wiseman, Victor Glover and Christina Koch සහ කැනඩා ගගනාගමියෙකු වන Jeremy Hansen ඊට එක්ව සිටිති.

