25.6 C
Colombo
Thursday, February 26, 2026

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථක ප්‍රතිඵල රැසක් සමගින් නිමාවට පත්වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද (10) පස්වරුවේ ෂැංහයි හිදී අවසන් විය. දින හයක ප්‍රදර්ශනය ඵලදායී ප්‍රතිඵල රැසක්  අත්කර ගෙන ඇත.

ප්‍රදර්ශනයේදී ඇ.ඩො. බිලියන 83.5ක පමණ වෙළඳ එකඟාතාවන්ට එළඹ ඇති අතර පසුගිය වරට වඩා එය සියයට 4.4කින් වැඩි වී නව වාර්තාවක් ද පිහිටුවා තිබේ.

රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 67 ක් මෙම වසරේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගී විය. වර්ග මීටර් තිස්දහසක් ආවරණය කළ ප්‍රදර්ශන භූමියේ වැඩසටහන් 100ක් පමණ පැවැත්විණ.

ව්‍යවසාය ප්‍රදර්ශනවලින්, නව නිෂ්පාදන, තාක්ෂණ සහ සේවාංග 461ක් එළිදැක්විණ. ගෝලීය වශයෙන් ප්‍රථමවරට එළිදැක්වුණු නිෂ්පාදන 201 ක් ද ඊට ඇතුළත් විය. මේ අතර, 9 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පිළිබඳ සූදානම් කටයුතු සම්පූර්ණයෙන්ම ආරම්භ වී තිබේ. විදේශ ආයෝජන ව්‍යවසායන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ලබන වසරේ ප්‍රදර්ශනය වෙනුවෙන් දැනටමත් කුටි වෙන්කර ගෙන ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here