26.3 C
Colombo
Saturday, August 23, 2025
- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි.

එය අද(15) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු කෙරිණ. නිල සංචාරයක් සඳහා අනුර කුමාර දිසානායක මහතා චීනයට පැමිණ තිබේ.

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මීට වසර 68 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරටේ සබඳතා සැම විටම විධිමත් හා ස්ථාවර වර්ධනයක පවතින අතර මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇත.

දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්න යටතේ, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය අඛණ්ඩව ගැඹුරින් පවත්වා ගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එසේමචීනය සහ ශ්‍රී ලංකාව අතරඑක් තීරයක් එක් මාවතක්වැඩපිළිවෙල උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර එය දෙරටේ ජනතාවට ප්‍රායෝගිකව සුභ සෙත සලසා තිබෙන බව හෙතෙම කියා සිටියේය.

චීනය සෑම විටම මෙන් ශ්‍රී ලංකාවේ ජාතික ස්වාධීනත්වයස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා සහාය දක්වමින් ශ්‍රී ලංකාව සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කොට රට පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් සිටී.

කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව පොදුවේ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය

නව වසර ආරම්භයේදී චීනයේ සංචාරයට එක්වීමට ලැබීම පිළිබඳව තමා ඉතා සතුටු වන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. චීනය සැම විටම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක මිතුරෙකු සහ සහකරුවෙකු වේ. චීනය සමඟ ඇති සබඳතාව ශ්‍රී ලංකාව ඉතා වැදගත් කොට සලකන අතරඑකම චීනය යන මූලධර්මය තරයේ පිළිපදින බව හෙතෙම සඳහන් කළේය. ගෝලීය දකුණේ ඉතා වැදගත් නායකත්ව රටක් වන චීනය, ජාත්‍යන්තර කටයුතුවල දී සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කොට තිබේ. චීනය සමඟ විවිධ බහුපාර්ශ්වික අවස්ථාවලදී සම්බන්ධීකරණ හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කොට පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසීය.

සාකච්ඡාවෙන් අනතුරුව, දෙරටේ නායකයන් ඉදිරියේ ද්විපාර්ශ්වික සහයෝගීතා ලිපිලේඛන මාලාවක් අත්සන් තැබිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here