26.7 C
Colombo
Sunday, August 24, 2025

4වැනි චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන මාසයේ චීනයේදී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

4වැනි චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන ජුනි මස 12වැනිදා සිට 15වැනිදා දක්වා මධ්‍යම චීනයේ Hunan පළාතේ Changsha නගරයේදී පැවැත්වීමට නියමිතය.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

“නවීකරණය සාක්ෂාත් කරගැනීමට චීනය හා අප්‍රිකාව ඒකාබද්ධව කටයුතු කිරීම” එහි ප්‍රධාන තේමාව බව චීන වාණිජ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Tang Wenhong මහතා එහිදී පැවසීය.

මෑත වසර තුළ චීන-අප්‍රිකා දෙපාර්ශ්වයේ නායකයන්ගේ උපායමාර්ගික මඟ පෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සහයෝගිතා අඛණ්ඩව නව වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙන අතර වෙළඳාමේ පරිමාණය ස්ථීර වර්ධනයක පවතින බව හෙතෙම කියා සිටියේය.

ඔහු සඳහන් කළ පරිදි, 2024 දී, චීන-අප්‍රිකානු වෙළඳ පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 295.6 දක්වා ළඟා වූ අතර එහි වාර්ෂික වර්ධනය 4.8% කි. එමෙන්ම චීනය වසර 16 ක් පුරා අඛණ්ඩව අප්‍රිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස කටයුතු කරයි.

චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන-අප්‍රිකා “හවුල්කාරිත්ව ක්‍රියාමාර්ග දහය” පිළිබඳ ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කිරීම කෙරෙහි ද මෙවර ප්‍රදර්ශනයේදී අවධානය යොමු වනු ඇතැයි ද Tang Wenhong මහතා පෙන්වා දී තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here