22වැනි චීන-ආසියාන් සංගම් ප්‍රදර්ශනය සහ චීන-ආසියාන් වාණිජ හා ආයෝජන සමුළුව අද(17) චීනයේ Guangxi zhuang ජාතික ස්වායත්තයේ Nanning නගරයේ ආරම්භ විය. චීන උප ජනාධිපති Han Zheng මහතා එහි සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් දේශනයක් පැවැත්වීය.
දෙපාර්ශ්වයේ නායකයන්ගේ උපායමාර්ගික මඟපෙන්වීම් යටතේ චීන-ආසියාන් සංගම් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව තහවරුවී ඇති බව Han Zheng මහතා එහිදී පැවසීය.
පොදු ඉරණමක් සහිත චීන-ආසියාන් ප්‍රජා සංවර්ධනය වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කරමින් කලාපීය සාමය හා ස්ථාවරත්වයට වඩා කාර්යභාර ඉටු කිරීම සඳහා ආසියාන් සංගම් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.
Han Zheng මහතා එහිදී සිව් වැදෑරුම් යෝජනාවක් ඉදිරිපත් කළේය. අන්‍යෝන්‍ය සංවර්ධන උපාය මාර්ග සම්බන්ධය ශක්තිමත් කිරීම, කලාපීය විවෘතභාවය හා සහයෝගීතාව වේගවත් කිරීම, කාර්මික දාම හා සැපයුම් දාමවල සම්බන්ධීකරණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ශිෂ්ටාචාර හුවමාරු වැඩි දියුණු කිරීම ඊට ඇතුළත්ය.
මියන්මාර අගමැති U Nyo Saw මහතා, ලාඕස උප ජනාධිපති Bounthong Chitmany මහතා සහ ආසියාන් සංගම් මහලේකම් Kao Kim Hourn මහතා ඇතුළු පිරිසක් සමාරම්භක උත්සවයට සහභාගි වී දේශන පැවැත්වූහ.