21 වන චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ(26) ශෙන්චෙන් නගරයේ දී අවසන් විය.
මෙම වසරේ ප්‍රදර්ශනය මගින් සංස්කෘතික නිෂ්පාදිත එක්ලක්ෂ විසි දහසකට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරන ලදි. සංස්කෘතික කර්මාන්ත ආයෝජන සහ මූල්‍ය ව්‍යාපෘති 4,000කට අධික ප්‍රමාණයක් පිළිබඳ සහයෝගතා සඳහා මෙහිදී එකඟත්වය පළ විය. විවිධ ප්‍රදර්ශන හා ක්‍රියාකාරකම්, මිලියන 2.2කට වැඩි පිරිසක් ආකර්ෂණය කර ඇත.
ප්‍රථම වරට ස්ථාපිත කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශන කලාපයට එම ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් මෙන්ම නැගී එන ව්‍යාපාර 60කට වැඩි සංඛ්‍යාවක නියෝජනයක් වාර්තා විය. එම කලාපය මෙම සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනයේ නවෝත්පාදන ස්වභාවය විද්‍යමාන කර ඇත.
මෙවර ප්‍රදර්ශනයේ ජාත්‍යන්තරකරණය ද තවදුරටත් ඉස්මතු වී තිබේ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලේ සංවර්ධනයට සහභාගී වන රටවලින් ද, ගෝලීය සහයෝගීතා ආයතනවලින් ද ප්‍රදර්ශනය කෙරෙන නිෂ්පාදිත වර්ගලින් ද, ඓතිහාසික ඉහළම වාර්තා පිහිටුවා තිබේ. සහභාගී වන රටවල් සහ කලාප 65 අතුරින්, 50 කට වැඩි ප්‍රමාණයක් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලේ සංවර්ධනයට එක්වන ඒවා අතර, සෑම රටකම අනන්‍යතා සහිත ප්‍රභූ සංස්කෘතික නිෂ්පාදිත ගෙනැවිත් ඇත.
පොහොසත් ප්‍රදර්ශන අන්තර්ගතයන් සහ අත්දැකීම් ව්‍යාපෘති හරහා, මෙවර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය සංස්කෘතිය, සංචාරය, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රවල පරිභෝජන විභවය සම්පූර්ණයෙන්ම මුදා හැර තිබේ.