‘2026 චීන-අප්‍රිකානු මානව හුවමාරු වසරේ’සමාරම්භක උත්සවය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (08) සුබ පැතුම් ලිපියක් යොමු කළේය.
චීනය සහ අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ‘2026 චීන-අප්‍රිකානු මානව හුවමාරු වසර’ පැවැත්වීම තමා සහ අප්‍රිකානු නායකයින් අතර ඇති කරගත් වැදගත් එකඟතාවයක් බව ෂී ජින් පිං මහතා එම ලිපියෙන් පෙන්වා දුන්නේය. නව ඓතිහාසික ආරම්භක ස්ථානයක චීන-අප්‍රිකානු මිත්‍රත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙය වැදගත් පියවරක් බව ඔහු පැවසීය.
දෙපාර්ශ්වයම මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ජනතාව අතර හුවමාරු ශක්තිමත් කිරීමට,පාලන අත්දැකීම් හුවමාරු තහවුරු කිරීමට සහ නවීකරණය ඉදිරියට ගෙන යාමට එක්ව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම, ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම, සමස්ත මානවයාගේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ගෝලීය දකුණේ රටවල එක්සත්භාවයට දෙපාර්ශ්වයම නව චීන-අප්‍රිකානු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

