25.6 C
Colombo
Thursday, February 26, 2026

2025 සහ 2026 වර්ෂ තුළ ‍ගෝලීය දළ දේශීය නිෂ්පාදිත වර්ධනය මන්දගාමී වන ලකුණු

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගෝලීය දළ දේශීය නිෂ්පාදිත වර්ධනය, 2024 වසරේ පැවති සියයට 3.3ක අගයේ සිට මේ වසරේ සහ 2026 වසරේ ද සියයට 2.9 දක්වා මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කෙරේ.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) පදනම් කර ගත් දත්ත වාර්තා අනුව මේ බව අනාවරණ වී ඇත.

එහි නවතම ආර්ථික දැක්මට අනුව ගෝලීය වර්ධන පුරෝකථනය මෙලෙස සංශෝධනය කර ඇත්තේ, පවතින තීරුබදු අනුපාත සහ අඛණ්ඩ නීතිමය ආරවුල් යනාදියට අදාළ තාක්ෂණික උපකල්පනයන් ද උපුටා දක්වමිනි.

වෙළඳ බාධක වැඩිවීම, දැඩි මූල්‍ය තත්වයන්, ව්‍යාපාර සහ පාරිභෝගික විශ්වාසය දුර්වල වීම සහ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය වැඩි වීම වැනි වත්මන් ප්‍රවණතා පැවතුනහොත් ඒවා ගෝලීය වර්ධන අපේක්ෂාවන් සැලකිය යුතු ලෙස අඩපණ කළ හැකි බවට ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය මෙහිදී අනතුරු අඟවා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here