2025 වසර පුරා චීනයේ විදුලිය භාවිතය පැයකට කි.වො. ට්‍රිලියන 10 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය ඉන්දියාව, ජපානය, රුසියාව මෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් ද 2025 වසරේ භාවිත කරන සමස්ත විදුලි බලශක්ති ප්‍රමාණය ඉක්මවා යාමක් බව ඊයේ (15) පැවති චීන බලශක්ති කාර්යයන් පිළිබඳ රැස්වීමේ දී සඳහන් විය..
චීන ජාතික බලශක්ති පරිපාලනයේ නවතම අනාවැකි දත්තයන්ට අනුව, මෙම වසරේ චීනයේ සමස්ත විදුලි උත්පාදන ධාරිතාව කි.වො. කෝටි 380 ඉක්මවීමට අපේක්ෂිත ය. 2024 වසරේ එම අගය හා සැසඳීමේ දී මෙය 14%ක වර්ධනයක් පෙන්නුම් කිරීමකි.

