25.6 C
Colombo
Wednesday, February 25, 2026

2025 වසරේ මුල් මාස දහය තුළ චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ වර්ධනය 16% ඉක්මවයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙම වසරේ මුල් මාස දහය තුළ චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රමාණය ගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 16%කට වඩා වර්ධනය වෙයි.

චීන රාජ්‍ය තැපැල් කාර්යාංශයේ දත්තවලට අනුව, එම කාලය තුළ ර‍ටේ භාණ්ඩ බෙදාහැරීමේ පාර්සල් බිලියන 162.68 දක්වා ළඟා වූ අතර එහි පරිමාව ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. නැගෙනහිර, මධ්‍යම සහ බටහිර චීනය තුළ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාවේ අනුපාතය පිළිවෙලින් 70.9%, 19.7% සහ 9.4% ක් වේ.

මෙ අතර, මධ්‍යම සහ බටහිර කලාපවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇත. එම අනුපාත පසුගිය වසරේ සමාන කාලයට සාපෙක්ෂව වෙන් වෙන්ව 1.1%කින් හා 0.6%කින් වැඩි වී තිබේ. එම කලාපවල පිහිටි ෂැන්සි පළාත, නින්ග්ෂියා හුයි ජාතික ස්වායත්තය සහ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ඇතුළු බොහෝ ප්‍රදේශවල භාණ්ඩ බෙදාහැරීමේ වර්ධන වේගය 30% ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here