2025 වසරේ චීන උත්තරීතර මහජන නීති නියාමනායතනයේ කාර්ය වාර්තාව ඉදිරිපත් කෙරේ. ඒ අද(9) 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරයේදීය.
2025 වසරේ චීන උත්තරීතර මහජන නීති නියාමනායතනය නඩු මිලියන 3.467ක් හසුරවමින් අපරාධ වෙනුවෙන් සැකකරුවන් 664,000ක් අත්අඩංගුවට ගැනීම අනුමත කළ අතර, පුද්ගලයින් මිලියන 1.404කට නඩු පැවරූ බව චීන උත්තරීතර මහජන නීති නියාමනායතනයේ සභාපති Ying Yong මහතා එම වාර්තාව ඉදරිපත් කරමින් සඳහන් කළේය.
එම වාර්තාවට අනුව, ගෙවී ගිය වසර තුළ ජාතික ආරක්ෂාවට හානි කළ අපරාධවලට දැඩි දඬුවම් ලබා දී ඇත. එමෙන්ම අන්තර්දේශසීමා විද්‍යුත් වංචා තුරන් කිරීමට දැඩි පියවර ගෙන තිබේ. උතුරු මියන්මාරයේ අපරාධ කණ්ඩායම් ඉලක්ක කරගත් පුද්ගලයින් 285කට නඩු පවරා දැඩි දඬුවම් ලබා දී ඇත. දේශපාලන කටයුතුවලට අදාළ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 29,000කට නඩු පැවරීය. කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කළ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 43,000කට නඩු පවරා තිබේ.
2026දී ජනතාව වෙනුවෙන් නීති නියාමනය කර නඩු පැවරීමේ මූලධර්මය ස්ථීරව අනුගමනය කරමින් මහජන අවශ්‍යතා සඳහා වූ නඩු කටයුතු ශක්තිමත් කිරීමට දැඩි අවධානය යොමු කරනු ඇතැයි Ying Yong මහතා සඳහන් කර ඇත.

