29.5 C
Colombo
Wednesday, February 25, 2026

2025 වසරේ චීන ආනයන අපනයන වටිනාකම්හි නව වාර්තාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගෙවී ගිය වසරේ චීනයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 45.47ක් බව වාර්තා කරයි. මෙය 2024 වසරේ පැවති අගයට වඩා 3.8%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් වන අතර, 2017 වසරේ සිට වසර 9ක් අඛණ්ඩව එම වටිනාකම වැඩි වී තිබීම කැපී පෙනෙන්නකි. චීන මහා රේගු පරිපාලනය අද (14) දත්ත නිකුත් කරමින් මේ බව පැවසීය.

2025 වසරේ චීනයේ අපනයන වටිනාකම ට්‍රිලියන 26.99ක් වූ අතර, 2024 වසරේ පැවති අගය හා සැසඳීමේ දී එය 6.1%ක වර්ධනයක් පෙන්නුම් කිරීමකි. ආනයන වටිනාකම ට්‍රිලියන 18.48ක් වූ අතර, එය ද නව වාර්තාවක් බිහි කර ඇත.

චීනයේ ’14 වන පස්අවුරුදු’සමය (2021-2025) තුළ, අපනයන හා ආනයනයන්හි සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 200 ඉක්මවූ අතර, වසරින් වසර එය 7.1%කින් වර්ධනය වී තිබීම තවත් විශේෂත්වයකි.

එමෙන් ම, 2025 වසර වන විට, ගෝලීය වශයෙන් චීනය සමග වෙළඳ සම්බන්ධතා පවතින රටවල් හා කලාප සංඛ්‍යාව 249ක් බවත් චීන මහා රේගු පරිපාලනය පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here