26.4 C
Colombo
Tuesday, August 26, 2025

2025 වසරේ ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී වන බවට අ‍පේක්ෂා- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතම “ලෝක ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව” නිකුත් කරයි. ඊයේ(22) නිකුත් කළ එම වාර්තාවේ පුරෝකථනයන්ට අනුව, 2025 වසරේදී ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගය 1.8% දක්වා මන්දගාමී වනු ඇති අතර, එය ජනවාරි මාසයේ පුරෝකථනයට සාපේක්ෂව 0.9% කින් පහළ යාමකි. සංවර්ධිත ආර්ථිකයන් අතරින් විශාලතම පහත වැටීමේ ගැලපුම මෙයයි.

ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය ඉහළ යාම, වෙළඳ නොසන්සුන්භාවය සහ ඉල්ලුම දුර්වල වීම යනාදිය ආර්ථික වර්ධන වේගය පහත වැටී මේ පුරෝකථනයට ප්‍රධාන හේතු බව එම වාර්තාව පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025දී ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාව ඇතුළු සංවර්ධිත ආර්ථිකයන්ගේ සමස්ත උද්ධමන පුරෝකථනය  2.5% දක්වා ඉහළ නංවා ඇති අතර එය ජනවාරි මාසයේ පුරෝකථනයට සාපේක්ෂව 0.4% කින් වැඩි වී තිබේ.

මෙම වාර්තාව මගින් 2025 වසරේ ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය වසර ආරම්භයේදී 3.3% සිට 2.8% දක්වා පහත දමා ඇති අතර, 2026 වසරේ එය 3%ක් වනු ඇතැයි තක්සේරු කර ඇත. ඇමරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්තියේ බලපෑම සහ අවිනිශ්චිතතාව හේතුවෙන්, කෙටි කාලයක් තුළ ගෝලීය ආර්ථික වර්ධන වේගය සැලකිය යුතු ලෙස මන්දගාමී වනු ඇතැයි ද එම වාර්තාව පෙන්වා දී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here