මෙම වසර කලාපීය ධනාත්මක ආර්ථික අපේක්ෂාවක් පෙන්නුම් කරන වසරක් බව ආසියාන් සංගමය හා චීන – ජපාන – දකුණු කොරියා සාර්ව ආර්ථික පර්යේෂණායතනය පවසයි.
එම ආයතනය අද (15) සිංගප්පූරුවේ දී ‘2025 වසරේ ආසියාන් සංගමය හා චීන – ජපාන – දකුණු කොරියා කලාපීය ආර්ථික දැක්ම’ නමැති වාර්තාව නිකුත් කළේය. ඇමරිකානු රජය සිය නවතම තීරු බදු ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවුව ද එම කලාපය ආර්ථිකමය නම්‍යශීලීත්වය විදහා දක්වමින් පෙර නොවූ විරූ අනිසි වෙළඳ බලපෑම්වලට යටත් නොවන බව එම වාර්තාව අවධාරණය කරයි.
සිය බලවත් අභ්‍යන්තර ඉල්ලුම්, ඉහළ යන ආයෝජන හා පහළ මට්ටමක අඛණ්ඩ ව පවතින උද්ධමනය හේතුවෙන් මෙම වසරේ හා 2026 වසරේ එම කලාපයේ ආර්ථික වර්ධන අනුපාතය 4.0% ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආසියාන් සංගමය හා චීන – ජපාන – දකුණු කොරියා සාර්ව ආර්ථික පර්යේෂණායතනය විසින් ඇමරිකාව තීරු බදු ඉහළ දැමීමට පෙර මෙම තක්සේරුව සිදු කර තිබේ.
එසේ ම, ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය අවකාශයක් සහිත ආසියාන් සංගමය, චීනය, ජපානය හා දකුණු කොරියාවට කෙටි කාලීන අනිසි බලපෑම්වලට මුහුණ දිය හැකි බවද එම වාර්තාවේ දැක්වෙයි.