26 C
Colombo
Friday, August 22, 2025

2024 වසරේ ‘පැමිණිලි ලැබීමෙන් පසු කඩිනම්ව විසඳීම’ වෙනුවෙන් පැවැත්වෙන ‍බෙයිජිං පරිපාලන ප්‍රතිසංස්කරණ සාකච්ඡාව ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

‘පැමිණිලි ලැබීමෙන් පසු කඩිනම්ව විසඳීම’ වෙනුවෙන් පැවැත්වෙන බෙයිජිං නගරයේ පරිපාලන ප්‍රතිසංස්කරණය පිළිබඳ සාකච්ඡාව ආරම්භ වේ.

අද(18) ආරම්භ වුණු එම සාකච්ඡාව, චීන සමාජ විද්‍යා ඇකඩමිය, චීන මාධ්‍ය සමූහය, බෙයිජිං නගරයේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුව හා නාගරික රජය විසින් ඒකාබද්ධව පවත්වන ලදී. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, බෙයිජිං නගරයේ චීන‍ කොමියුනිස්ට් පක්ෂ කමිටු ලේකම් Yin Li මහතා එහි ආරම්භක උළෙලට එක් වෙමින් දේශනයක් සිදු කළේය. චීන මාධ්‍ය සමූහයේ උප ප්‍රධාන සංස්කාරක Fan Yun, එක්සත් ජාතීන්ගේ උප මහා ලේකම් Xu Haoliang ඇතුළු මහත්වරු එම සාකච්ඡාව ඇමතූහ.

මෑත වසර වල, පුරවැසියන්ගේ සුන්දර ජීවිතය කෙරෙහි ඇති අපේක්ෂාව හා ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් බෙයිජිං නගරයේ මෙම ගැටළු විසඳීමේ යාන්ත්‍රණය හඳුන්වා දී තිබේ. පුරවැසියන් ඉදිරිපත් කළ දුෂ්කර ගැටළුවලට වැඩි අවධානය යොමු කරමින් පොදු සේවා පද්ධතිය යහපත් කරමින් ජනතාවට සමීප ගැටළු රැසක් විසඳා ඇති බව බෙයිජිං නගරයේ චීන‍ කොමියුනිස්ට් පක්ෂ කමිටු ලේකම් Yin Li මහතා එහිදී පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here