26.4 C
Colombo
Thursday, August 21, 2025

2024 ගෝලීය පැන්ඩා හවුල්කාර සම්මේලනය චීනයේ දී ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2024 ගෝලීය පැන්ඩා හවුල්කාර සම්මේලනය ඇරඹේ. ‘ මානවයා හා සොබාදහම අතර සුසංයෝගාත්මක සහජීවනයයන තේමාව යටතේ එම සම්මේලනය ඊයේ (26) චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේ දී ඇරඹිණ.

සමාරම්භක උළෙලේ දී සුන්දර චීනයේ හරිත රහස් කේතය’ ලෝකයට පසක් කර දීම – ෂී ජින්පිං ජෛව ශිෂ්ටාචාර දැක්ම පිළිබඳ චීනයේ අත්දැකීම් හා ජාත්‍යන්තර දායකත්වය’ යන බුද්ධි මණ්ඩල වාර්තාව චීන භාෂාවෙන් හා ඉංග්‍රිසි භාෂාවෙන් නිකුත් කෙරිණ. මෙම වාර්තාවචීනයේ Xinhua ප්‍රවෘත්ති ඒජන්සියේ ජාතික උසස් මට්ටමේ බුද්ධි මණ්ඩලය හා ෂී ජින්පිං ජෛව ශිෂ්ටාචාර දැක්ම පිළිබඳ පර්යේෂණායතනය විසින් රචනා කරන ලද්දකි. ජෛව ශිෂ්ටාචාරයපැන්ඩා සංස්කෘතියදෙස් විදෙස් සංස්කෘතික හා සංචාරක කර්මාන්තය ඇතුළු තේමා යටතේ ජෛවපරිසර හිතකාමී සංවර්ධනය එහිදී පුළුල් සකාච්ඡාවලට ලක් කෙරිණ.

ෂී ජින්පිං ගේ ජෛව ශිෂ්ටාචාර චින්තනය මත යෝධ පැන්ඩා සංරක්ෂණය අතින් චීනය දැවැන්ත ජයග්‍රහණ ලබා ඇති බව සම්මේලනයට එක්වසිටි විවිධ විද්වතුන්ගේ පොදු අදහස වී ඇත. මෙවර සම්මේලනය අවස්ථාවක් කර ගනිමින්ජෛව සංරක්ෂණහරිත හා අඩු කාබන් සංවර්ධනඅදහස් හුවමාරු තහවුරු කිරීමෙන් සහජීවනයක් සහිත පෘථිවි ප්‍රජාවක් ගොඩනැංවීමට ගාමක බලයක් ලබා දීමට සූදානම් බව ද විවිධ පාර්ශ්ව සඳහන් කර තිබේ

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here