චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද (27) රැස්වීමක් පැවැත්වීය. චීන රාජ්‍ය මණ්ඩලය 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත‘චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික ආර්ථික හා සාමාජීය සංවර්ධනයේ 15 වන පස් අවුරුදු සැලැසුම් කෙටුම්පතේ’හා ‘රාජ්‍ය කාර්ය වාර්තාවේ’යෝජිත කෙටුම්පත් එහිදී සමාලෝචනයට හා සාකච්ඡාවට ලක් කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා එහි මුලසුන දැරීය.

