‘15 වන පස් අවුරුදු සැලැස්ම’සම්පාදනය සඳහා අන්තර්ජාල පරිශීලකයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගෙන එය අධ්‍යනයකට යොමු කිරීමෙන් පසු සැලැස්ම සඳහා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා වැදගත් උපදෙස් නිකුත් කරයි.
විවිධ මට්ටමේ පක්ෂ කමිටු සහ රජයන් සෑම විටම ජනතාව කේන්ද්‍රගත කරමින් ජනතාවගේ තත්ත්වය පුළුල් ලෙස විමර්ශනය කර ඔවුන්ගේ හඬට සවන් දී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගත යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එවිට වඩා සුන්දර ජීවිතයක් සඳහා ජනතාවගේ අපේක්ෂාව අඛණ්ඩව සාක්ෂාත් කර ගත හැකි බව හෙතෙම කියා සිටියේය.
විද්‍යාත්මක, ප්‍රජාතන්ත්‍රවාදී සහ නීත්‍යානුකූල තීරණ ගනිමින් 15 වන පස් අවුරුදු සැලැස්ම සම්පාදනය උසස් තත්ත්වයෙන් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතාගේ වැදගත් උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා, පසුගිය මැයි මස 20වැනිදා සිට ජුනි මස 20වැනිදා දක්වා සම්පාදන කාර්යය සඳහා මාර්ගගතව යෝජනා රැස් කෙරිණ. එහිදී අන්තර්ජාල පරිශීලකයින්ගෙන් ලැබී ඇති යෝජනා සංඛ්‍යාව තිස්එක් ලක්ෂ දහතුන් දහසකට අධික ප්‍රමාණයක් වීම ද විශේෂත්වයකි.