139 වන චීන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ පළමු ප්‍රදර්ශන භාණ්ඩ තොගය අද (8) දකුණු චීනයේ Guangzhou රේගු අධීක්ෂණය යටතේ රේගු නිෂ්කාශනය සාර්ථකව සිදු කෙරිණ. තුර්කියේ නිෂ්පාදනය කළ ගෘහ භාණ්ඩ හා මුළුතැන්ගෙයි උපකරණ 137කින් සමන්විත එම භාණ්ඩ තොගයේ සමස්ත බර ප්‍රමාණය කිලෝගෑම් 18000කි. එය කැන්ටන් ප්‍රදර්ශන ඉතිහාසයේ චීනයට ප්‍රවේශ වන ප්‍රදර්ශන භාණ්ඩ බර ප්‍රමාණයේ නව වාර්තාවකි.
මෙවර චීන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය අප්‍රේල් මස 15වැනිදා සිට මැයි මස 5 වැනිදා දක්වා අධියර තුනක් වශයෙන් චීනයේ Guangzhou නගරයේදී පැවැත්වීමට නියමිතය. මෙවර ප්‍රදර්ශනයේ භූමි ප්‍රමාණය වර්ගමීටර් මිලියන 1.55ක් වන අතර, ප්‍රදර්ශන කුටි ගණන 75,500කි. සමාගම් 30,000කට වැඩි සංඛ්‍යාවක් ඊට එක්වනු ඇතැයි සඳහන් වේ. ඊජිප්තුව, දකුණු කොරියාව, ඉන්දියාව සහ මැලේසියාව යන රටවල ප්‍රදර්ශණ භාණ්ඩද ළඟාවීමට නියමිතව තිබේ.

