29 C
Colombo
Thursday, February 26, 2026

138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය අද (15) චීනයේ Guangzhou නගරයේ ආරම්භ විය. මේ වන විට මෙවර ප්‍රදර්ශනය රටවල් සහ කලාප 218 කින් ගැණුම්කරුවන් දෙලක්ෂ හතලිස් දහසකට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ඇති අතර පූර්ව ලියාපදිංචි කිරීම් 10% කින් ඉහළ ගොස් ඇත.

මෙම වසරේ කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය වර්ග මීටර් මිලියන 1.55 ක කලාපයක් ආවරණය කරයි. විශේෂ අංශ 13ක් ඔස්සේ ප්‍රදර්ශන කලාප 55ක් වෙන් කිරීමට සංවිධාන කර ඇත. සේවා රොබෝ කලාපය අඛණ්ඩව පවතින අතර, ස්මාර්ට් සෞඛ්‍ය සේවා කලාපය නව කලාපයක් ලෙස එක් කරනු ලැබේ.

ප්‍රදර්ශන කුටි 74,600ක් සහ ප්‍රදර්ශකයින් 32,000කට වඩා, මෙවර ඉදිරිපත් වීම වාර්තාගත ඉහළම අගයන් වේ. අපනයන ව්‍යාපාර අතරින් 3600ක් පමණ ප්‍රථම වරට ඊට එක් වේ. අධි තාක්‍ෂණික, විශේෂිත, නවෝත්පාදන සහ යම් ක්ෂේත්‍රයන් හි පුමුඛයන් ලෙස පිළිගත් උසස් තත්ත්වයේ සමාගම් සංඛ්‍යාව පළමු වරට 10,000 ඉක්මවා යාම ද විශේෂත්වයකි. එය මීට පෙර ප්‍රදර්ශනයට සාපේක්ෂව 10%ක වැඩිවීමක් වන අතර මුළු සමාගම් සංඛ්‍යාවෙන් ද 34% ක අගයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here