28 C
Colombo
Wednesday, February 25, 2026

12 වන චීන ජාතික ආබාධිතයින්ගේ ක්‍රීඩා උළෙල සහ 9 වන විශේෂ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

12 වන චීන ජාතික ආබාධිතයින්ගේ ක්‍රීඩා උළෙල සහ 9 වන විශේෂ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (15) රාත්‍රියේ Guangdong පළාතේ Shenzhe නගරයේදී අවසන් විය. Guangdong පළාත, හොංකොං සහ මැකාවෝ යන චීනයේ විශේෂ පරිපාලන කලාප දෙක එක්ව චීන ජාතික ආබාධිතයින්ගේ ක්‍රීඩා උළෙල සහ විශේෂ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව ද මෙයයි.ක්‍රීඩා ඉසව් 46කින් සමන්විත මෙම තරගාවලි සඳහා සමස්ත චීනය නියෝජනය කරමින් කණ්ඩායම් 34කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7,824ක් සහභාගී වූහ. ඒ අනුව මෙවර එක්ව සිටි නියෝජිත කණ්ඩායම් සංඛ්‍යාව සහ මහා සහභාගීත්ව ව්‍යාපෘති සඳහා ලියාපදිංචි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ද මෙවර නව ඉහළ මට්ටම් කරා ළඟා වී තිබීම කැපී පෙනෙන්නට විය. මෙම තරගාවලි, 14 වන පස් අවුරුදු සැලසුම් කාලය(2021-2025) තුළ චීනයේ ආබාධිතයින් සඳහා වූ ක්‍රීඩා සංවර්ධනයේ නව ජයග්‍රහණ පිළිබඳ සංකේතාත්මක පිළිබිඹුවකි. 12 වන චීන ජාතික ආබාධිතයින්ගේ ක්‍රීඩා උළෙල සහ 9 වන විශේෂ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසානයේ ලෝක වාර්තා 15ක් සහ චීන ජාතික වාර්තා 156ක් ද බිහි වීම විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here