26.4 C
Colombo
Thursday, August 21, 2025

12 වන ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය පැවැත්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

12 වන ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය ඇරඹේ. අද(03) චීනයේ Fujian පළාතේ Quanzhou නගරයේ ආරම්භ වූ මෙම සංසදය චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර වීඩියෝ  ඒජන්සිය විසින් සංවිධාන කරන ලදී.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සංසදයට එක්වෙමින් පැවසුවේ ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙළේ නවාකාරයෙන් යුත් ප්‍රධාන මාධ්‍ය ආයතනයක් ලෙසට චීන මාධ්‍ය සමූහය, සිය තාක්ෂණික හා විකාශන හැකියාවන් ඔස්සේ හුවමාරු, සහයෝගිතා සහ පොදු සමෘද්ධිය උදෙසා පාලමක් ගොඩ නැගීමට සූදානම් බවයි.

සංසදයට එක්ව සිටි විද්වතුන් සඳහන් කළේ විවිධ රටවල වීඩියෝ මාධ්‍යයන්, සම්බන්ධීකරණ, හුවමාරු හා සහයෝගිතා තහවුරු කළ යුතු බවයි. දරිද්‍රතාවය පිටුදැකීම, කාර්මිකකරණය, කෘෂි නවීකරණය, හරිත තිරසර සංවර්ධනය වෙත ඉහළ අවධානය යොමු කළ යුතු අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල නවීකරණ සංකල්ප හා අත්දැකීම් පුළුල් ලෙස බෙදා ගත යුතුය. මෙමගින් ගෝලීය දකු‍ණේ රාජ්‍යයන්ට නවීකරණය කරා පොදුවේ ගමන් කිරීමට පිටුබලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුන්ගේ අදහස වී ඇත.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මාධ්‍ය සඳහා භාවිත කිරීම හා පාලනය පුළුල් අයුරින් සාකච්ඡා කිරීමෙන් ගෝලීය දකුණේ රාජ්‍යයන් හි ඩිජිටල්කරණයේ ප්‍රශස්ත අනාගතයක් නිර්මාණය කර දීම මෙම සංසද‍යේ ප්‍රධාන අරමුණ ය. 60කට වැඩි රටවලින් හා කලාපවලින් පැමිණි මාධ්‍ය 87ක නියෝජිතයෝ 200ක පමණ පිරිසක් ඊට එක්ව සිටියහ. ‘ගෝලීය දකුණේ රාජ්‍යයන් මාධ්‍ය සංවාද සහයෝගිතා ක්‍රමවේද ඒකාබද්ධ කිරීමේ මුලපිරුම’ එහිදී නිකුත් කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here