26.7 C
Colombo
Wednesday, February 25, 2026

හොංකොං හි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්න පිළිබඳව චීන ජනපති ශෝකය පළ කරමින් පශ්චාත් ආපදා කටයුතුවලට උපදෙස් දෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

26වනදා පස්වරුවේ හොංකොං හි Tai Po දිස්ත්‍රික්කයේ  Hongfuyuan මහල් නිවාස සංකීර්ණයේ ගොඩනැගිලි කිහිපයක ගින්නක් හටගත් අතර ඉන් ජීවිත හානි රැසක් සිදුව තිබේ.

ජනාධිපති ෂී ජින්පිං මහතා මෙම හදිසි තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් අනතුර සැලවූ විගස ගිනි නිවීමේ ඒකකවල මෙහෙයුම් සහ අනතුරට ලක් වූවන්ගේ තත්ත්වය ද විමසා තිබේ. හොංකොං ප්‍රධාන විධායක Lee Ka Chiu මහතා වෙත, එම නේවාසික සංකීරණයේ සිටි මියගිය අයට සහ මියගිය ගිනි නිවන භටයින්ට සිය ශෝකය පළ කරන ලෙසත්, මියගිය අයගේ පවුල්වලට සහ පීඩාවට පත් ජනතාවට ද සිය සංවේගය පළ කරන ලෙසත් ෂී ජින්පිං ජනාධිපතිවරයා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මධ්‍යම රජයේ සම්බන්ධතා කාර්යාලයේ ප්‍රධානියාට උපදෙස් දී ඇත.

ගින්න නිවා දැමීමට හොංකොං කලාපීය රජය දරන උත්සාහයන්ට මෙන්ම ගලවා ගැනීමේ මෙහෙයුම්, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සහ බලපෑමට ලක් ජනතාවට සහාය ලබා දීමේ කටයුතු මනා ලෙස සිදු කිරීමට මධ්‍යම රජයේ හොංකොං සහ මැකව් කටයුතු කාර්යාලය සහ හොංකොං හි මධ්‍යම රජයේ සම්බන්ධතා කාර්යාලය අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. ජීවිත හානි සහ දේපළ හානි අවම කිරීම සඳහා අදාළ අංශ සහ කලාපීය ආයතන අවශ්‍ය සහාය ලබා දීමට ක්‍රියා කළ යුතු බව ද ඔහු පැවසීය.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ උපදෙස් ස්ථිර ලෙස අනුගමනය කරමින් ගිනි අනතුරට මුහුණ දීම සඳහා හොංකොං කලාපීය රජය දරන උත්සාහයන්ට උපරිම සහයෝගය දක්වන බව හොංකොං හි මධ්‍යම රජයේ සම්බන්ධතා කාර්යාලය 27වනදා අලුයම නිවේදනයක් පළ කරමින් ප්‍රකාශ කර ඇත.

හොංකොං කලාපීය රජය හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණයක් සක්‍රීය කර ඇත. ගලවා ගැනීමේ උත්සාහයන්ට පූර්ණ සහාය ලබා දීමේදී කලාපීය රජය සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යාමට, හොංකොංහි මධ්‍යම රජයේ සම්බන්ධතා කාර්යාලය හදිසි කාර්ය මණ්ඩලයක් ද පිහිටුවා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here