හූති බලවේගය විසින් සිය පාලන ප්‍රදේශයේදී එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් 11 දෙනෙකු අත් අඩංගුවේ රඳවා තබා ගැනීම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා දැඩිව හෙළා දකී.
එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනට අයත් භූමියට බලහත්කාරයෙන් ඇතුළු වීම, එක්සත් ජාතීන්ගේ දේපළක් අත්පත් කර ගැනීම මෙන්ම සානා හි එක්සත් ජාතීන්ගේ තවත් භූමියකට ඇතුළුවීමට එම බලවේගය දැරූ උත්සාහයන් ද මහ ලේකම්වරයාගේ හෙළා දැකීමට ලක්ව ඇත.
ඉරිදා දිනයේදී අත් අඩංගුවට ගත් පිරිස හා එක්සත් ජාතීන්, ජාත්‍යන්තර සංවිධාන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජය හා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සෙසු සියලු පුද්ගලයන් වහාම නිදහස් කරන ලෙසට ද මහ ලේකම්වරයා බලකර සිටී.
එලෙස අත්තනෝමතික ආකාරයෙන් අත් අඩංගුවේ තබා සිටින සියලු පුද්ගලයන් නිදහස් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩිව උත්සාහ දරන බවද හෙතෙම සඳහන් කරයි.