30 C
Colombo
Saturday, April 11, 2026

හැකි ඉක්මණින් හමුදා මෙහෙයුම් නතර කරන ලෙසට චීන විදේශ අමාත්‍යවරයා මැද පෙරදිග ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

හැකි ඉක්මණින් හමුදා මෙහෙයුම් නතර කර තත්ත්වය තවත් වර්ධනය වීම වළක්වන ලෙසට චීන විදේශ අමාත්‍ය වං යී මහතා මැද පෙරදිග ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඊජිප්තු විදේශ අමාත්‍ය Badr Abdelatty මහතා සමග ඊයේ (12) දුරකථන සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම ඉල්ලීම සිදු කළේය.

කලාපයේ තත්ත්වය හා ඊජිප්තුවේ ස්ථාවරය ඊජිප්තු විදේශ අමාත්‍යවරයා විසින් එහිදී පැහැදිලි  කරන ලදි.සියලු පාර්ශ්ව සංයමයෙන් කටයුතු කරමින් කලාපීය නොසන්සුන්තාව තවදුරටත් වර්ධනය වීම වළක්වන ලෙස ඊජිප්තුව ඉල්ලා සිටින බවද හෙතෙම කීය. චීන‍යේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය හා ඉටුකරන වැදගත් කාර්යභාරය ඊජිප්තුව ඉහළින් අගය කරන අතර මැද පෙරදිග තත්ත්වය වර්ධනය වීම වැළැක්වීම සඳහා චීනය සමග සමීප සංනිවේදනයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවද ඊජිප්තු විදේශ ඇමතිවරයා කීය.

චීනයේ මූලධර්මීය ස්ථාවරය පැහැදිලි කළ චීන විදේශ ඇමතිවරයා වගකීම් සහගත රටවල් දෙකක් වශයෙන් චීනය හා ඊජිප්තුව කලාපීය අර්බුද සාකච්ඡා හා උපදේශනයන් ගෙන් විසඳිය යුතුය යන මතයේ සිටින අතර බලහත්කාරී ක්‍රියාවන්ට විරුද්ධ බවද පැවසීය.මැදපෙරදිග ගැටුම් වර්ධනය වීම කලාපීය ආර්ථිකය මත යැපෙන ප්‍රදේශීය වැසියන්ට වැඩි පීඩාවක් පමණක් ‍ගෙන දුන් අතර එය ජාත්‍යන්තර හා කාලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වයට ද හානිකර බවද වං යී මහතා පැවසීය.ඊජිප්තුව ඇතුළු කලාපීය රටවල් සමග සංනිවේදන හා සම්බන්ධීකරණයන් පවත්වා ගැනීමට චීනය සූදානම් යැයි ද හෙතෙම සඳහන් කළේය.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here