27.7 C
Colombo
Friday, August 22, 2025

හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් බිහි කිරීම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් බිහි කිරීම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය බෙයිජිංහිදී ආරම්භ‍ කෙරේ. චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ ඊයේ(02) පැවති සමාරම්භක අවස්ථාවට එක්වූ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ දේශපාලන කාර්යාංශ සමාජික, විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සඳහන් කළේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටු මහ‍ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධාන අදහසක් ලෙසට හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් බිහි කිරීමේ සංකල්පය ඉදිරිපත් කෙරුණු බවයි. එය රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ ෂී ජින්පිං චින්තනයේ ප්‍රධාන සංකල්පය බවද වන්ග් යී මහතා පැවසීය. ඉන් කවරාකාරයේ ලෝකයක් ගොඩ නැගිය යුතුද හා එය කෙසේ ගොඩනැගිය යුතුද යන පැනයට චීන පිළිතුර සපයයි. එමගින් න්‍යායාත්මක වටිනාමක්, කාලය සඳහා විශාල වැදගත්කමක් මෙන්ම දූරදර්ශී ගෝලීය බලපෑමක් ද ගෙන එයි. හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් බිහි කිරීමේ දර්ශනය චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක මෙහෙවර පිළිබිඹු කරයි. චීන සංස්කෘතික වටිනාකම් ඉදිරියට ගෙනයාම, විද්‍යාත්මක න්‍යායන්හී බලය සහ සියවසකින් නොදුටු අභියෝගයන්ට මුහුණ දීම‍ වෙනුවෙන් චීනයේ ස්ථවාරයන් ද ඉන් ඉදිරිපත් කෙරෙන බව චීන විදේශ ඇමතිවරයා පැවසීය.‍

වර්තමානයේ දී රටවල් හා කලාප රැසක් හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් බිහි කිරීම‍ට චීනය සමග විවිධාකාරයෙන් ක්‍රියා කරමින් සිටින බවද හෙතෙම සඳහන් කරයි. බොහෝ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල යෝජනාවල සහ බහුපාර්ශ්වික ලියකියවිලිවල හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් බිහි කිරීමේ අදහස් ඇතුළත්ව ඇතැයි ද චීන විදේශ ඇමතිවරයා කියා සිටී.

අධ්‍යයන, පැහැදිලි කිරීම් සහ රාජ්‍යතාන්ත්‍රිකත්වය පිළිබඳ ෂී ජින්පිං චින්තනය ප්‍රචලිත කිරීම වෙනුවෙන් සිය රාජකාරී ඉටු කළ යුතු බවට ද හෙතෙම අළුතින් ආරම්භ කෙරුණු පර්යේෂණ මධ්‍යස්ථානයට අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here