26.2 C
Colombo
Wednesday, August 27, 2025

සේවා වෙළඳපොල උසස් තත්ත්වයෙන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය චීන අගමැති අවධාරණය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ශක්තිමත් වෙළඳාමකින් යුත් රටක් සහ උසස් තත්ත්වයේ විවෘත ආර්ථික පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා සේවා වෙළඳාම උසස් ගුණාත්මකභාවයෙන් ඉදිරියට ගෙන යාමේ වැදගත්කම චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි. රාජ්‍ය මණ්ඩලයේ අධ්‍යයන සැසියක මුලසුන දරමින් හෙතෙම ඊයේ(26) මේ බව ප්‍රකාශ කළේය.

බාහිර තත්ත්වයන් වෙනස් වීමත්, දේශීය කාර්මික ප්‍රතිසංස්කරණය පුළුල් වීමත් සමග, සේවා වෙළෙඳාමේ නව්‍යකරණයට වැඩි අවධානයක් ලබා දිය යුතු බව Li Qiang මහතා කියාසිටියේය. එමෙන්ම චීනය තවදුරටත් උසස් ගුණාත්මකභාවයෙන් යුත් සේවා ආනයනය කිරීම, උසස් තත්ත්වයෙන් විවෘත කිරීම් සිදු කිරීම, දේශීය සේවා කර්මාන්තය ප්‍රවර්ධනය සහ සේවා වෙළඳාමේ ආයතනික අංශයේ විවෘතභාවය ඉහළ නැංවීම සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

සේවා ආනයනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරමින් ඊට අදාළ මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කර දත්ත ලබා ගැනීමේ ප්‍රවේශයන් විධිමත් කිරීම වැදගත් ය. එමෙන්ම සේවා අපනයනයේ ජාත්‍යන්තර තරගකාරීතාවය ශක්තිමත් කිරීමටත් සේවා අපනයන සහ භාණ්ඩ අපනයන අතර ඇති සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමටත් පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. නැගී එන ක්ෂේත්‍රවල සේවා අපනයනය ඉදිරියට ගෙන යාම සහ ඩිජිටල් සේවා වෙළෙඳාම වැනි නව්‍ය ව්‍යාපාර ආකෘති ප්‍රවර්ධනය කිරීමට සක්‍රිය පියවර ගත යුතු බව හෙතෙම කියාසිටියේය.

විදේශීය ඉල්ලුමට සරිලන උසස් තත්ත්වයේ සේවා වෙළඳාමක් නිර්මාණය සඳහා තවදුරටත් කටයුතු කිරීමට ද චීනය අපේක්ෂා කරයි. නිදහස් වීසා ප්‍රතිපත්තියේ බලපෑම තවදුරටත් උපයෝගී කරගනිමින් වඩාත් වැඩි විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් උසස් ගුණාත්මකභාවයේ චීන සේවාවන් ගෝලීය වශයෙන්  ප්‍රසාරණය සඳහා කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here