26 C
Colombo
Friday, August 22, 2025

සිව්වැනි ශංහයි සහයෝගිතා සංවිධානයේ තරුණ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව තරඟයේ ජයග්‍රාහකයින් තෝරා ගැනේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සිව්වැනි ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල තරුණ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව තරඟයේ සම්මාන ප්‍රදානෝත්සවය සහ, “ශංහයි සහයෝගිතා සංවිධානයේ තිරසර සංවර්ධන වසර” හුවමාරු ක්‍රියාකාරකමට අදාළ සමාරම්භක උත්සවය ඊයේ (09) චීනයේ ශැන්තුං පළාතේ ඡිංඩෞ නගරයේ පැවැත්විණ.

රටවල් 08 කින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති 12 ක්, එම තරඟයට එක් කර තිබූ 200 කට අධික සංඛ්‍යාවකින් කැපී පෙනුණි.

එම ව්‍යාපෘති 12 අතරට පළමු ස්ථානයේ ත්‍යාගයක්, දෙවන ස්ථානයේ ත්‍යාග 02ක්, තෙවන ස්ථානයේ ත්‍යාග 03ක් සහ විශිෂ්ට ත්‍යාග 06ක් ඇතුළත් වේ. ඒ අතරින් පළමු ස්ථානයේ ත්‍යාගය හිමි වූයේ චීනයෙන් පැමිණි මිනිසුන් රහිත ස්මාර්ට් ගුවන් තොටුපළේ ප්‍රධාන තාක්ෂණය හා නිරූපණය යන ව්‍යාපෘතියට ය. මෙම ව්‍යාපෘතිය මගින් රේඩාර්-වීඩියෝ හරහා කෘත්‍රිම බුද්ධි විශ්ලේෂණය සහ අනෙකුත් තාක්ෂණයන් භාවිත කොට, මිනිසුන් රහිත වාහන සහ ගුවන් යානා ඉහළ නිරවද්‍යතාවකින් සම්බන්ධීකරණය කරන ලද පාලනය කිරීමක් සාක්ෂාත් කර ගෙන තිබේ. මෙය ගෝලීය ස්මාර්ට් ප්‍රවාහන පහසුකම් ගොඩනැගීම සඳහා “චීන විසඳුමක්” සපයයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here